විවාහය කියන්නේ බොහෝ දෙනෙක්ගේ ජීවිතේ සුන්දර සිහිනයක්. ඒ සුන්දර සිහිනය සම්බන්ධයෙන් අපිට මුල්ම හැඟීම ඇතිවුණු දිනයේ ඉඳලම ඒ හීනයට දින ගණ...
විවාහය කියන්නේ බොහෝ දෙනෙක්ගේ ජීවිතේ සුන්දර සිහිනයක්. ඒ සුන්දර සිහිනය සම්බන්ධයෙන් අපිට මුල්ම හැඟීම ඇතිවුණු දිනයේ ඉඳලම ඒ හීනයට දින ගණින්න, ඒ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න අපි කටයුතු කරනවා.
ඒ විදිහට හීන දකින විවාහ ජිවිතය සුන්දර වෙන්නනම් අපි විවාහයට පෙර ගන්න විවාහය සම්බන්ධ තීරණ දැඩිලෙසම බලපානවා. ඒ කියන්නේ අපි කසාද බඳිනවා කියලා අවබෝධයක් නැතිව ගන්න තීරණ, ආවට ගියාට කරන දේවල් නිසා අපේ සුන්දර විවාහ ජීවිත හීනය බොහොම කෙටිකාලයකින් අළු දූවිලි වෙලා ගිහින් ජීවිත කාලය පුරාම විඳන්න හේතුවෙන සිදුවීම් මාලාවක් විතරක් අපිට ඉතිරිවේවි.අන්න ඒ කාරණය නිසා විවාහය ගැන හීන මවන වගේම කසාද බඳින්න සූදානම් වෙලා ඉන්න හැමෝටම තමන්ගෙන්ම අහන්න ඕන ප්රශ්න 10ක් තියනවා. මේ ප්රශ්න වලට ඔබ ඔබටම අවංක වෙලා උත්තර දීලා බලන්න.
මම ඇත්තටම කසාද බඳින්න සූදානම්ද?
- මම තෝරගෙන ඉන්නේ මට ගැලපෙනම කෙනාද?
පෙනුම කොච්චර නොගැලපුනත් අදහස් ගැලපීම ඉතාම වැදගත්. ඒ නිසා මේ ප්රශ්නයට උත්තරේ ‘නැහැ’ කියන එකනම් ඔබ විවාහයට ඉක්මන් වෙන එක සහ මේ තෝරාගෙන ඉන්න කෙනා එක්ක විවාහයට පෙළඹෙන එක ඒතරම් සුභදායක නෑ.
- විවාහයට කොච්චර වියදමක් යාවිද?
- විවාහයෙන් පස්සේ ජීවිතය ගැන තියන එකඟතාවයන්ට මම කැමතිද?
- අපි දෙන්නා දරුවෝ කීයක් හදනවද? මොන කාලෙද?
- මගේ බැඳීමට දරුවන් කොයිවිදිහට බලපාවිද?
- මගේ ලිංගික ආශාවන් සම්පූර්ණ වේවිද?
- අපි අපේ රැකියාවන් සහ ඒවායේ වගකීම් තේරුම් අරගෙනද?
- මම මගේ බැඳීමට සහ විවාහයට ගරු කරනවාද?
- මම සතුටින්ද?
මේ ප්රශ්න 10 විවාහ වෙන්න කලින් ඔබ ඔබෙන්ම අහලා බැලුවට කිසිම පාඩුවක් නෑ. මොකද ඔබ මේ හිතන්නේ, මේ සලකා බලන්නේ ඔබේ ජීවිතය ගැන නිසා. මිනිසාගේ මූලික වුවමනාව සතුටයි. ඒ නිසා සතුට වෙනුවෙන් ජීවත්වෙන්න නම් ඔබට ඔබෙන්ම ප්රශ්න කරලා නිවැරදි කරගන්න බොහෝ දේවල් තියනවා කියලා අමතක කරන්න එපා.
her.lk

