අපේ රටේ විවාහ ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය සාමාන්ය විවාහ ලියාපදිංචි ආඥා පනත යටතේ සිදු වෙනවා. මෙය මුස්ලිම් විවාහ හැර අනිත් සියලුම විවාහ...
අපේ රටේ විවාහ ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය සාමාන්ය විවාහ ලියාපදිංචි ආඥා පනත යටතේ සිදු වෙනවා.
මෙය මුස්ලිම් විවාහ හැර අනිත් සියලුම විවාහයන්ටඅදාළයි.
මේ ක්රියාවලිය ගොඩක් සරලයි, නමුත් නිශ්චිත නියමයන් කිහිපයක් තියෙනවා පිළිපදින්නම ඕන.
මේ විස්තරය ලියන මෙහොත වෙනකල් (2026 මාර්තු 07) මෙම ක්රියාවලියේ විශේෂ වෙනස්කම් සිදුවෙලා නැහැ.
විවාහ වෙන්න ඕන කරන මූලික කාරනා.
පාර්ශ්ව දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතුයි.
පවතින වලංගු විවාහහයක් නොතිබිය යුතුයි. ඒ කියන්නේ කලින් විවාහ වෙලා ඒක නීත්යානුකූලව අවසන් නොකල කෙනෙක්ට විවාහ වෙන්න ඕන.
පාර්ශ්ව දෙදෙනාම නිදහස් විය යුතුයි ඒ කියන්නේ (unmarried / divorced / widowed) විය යුතුයි.
පියවරෙන් පියවර ක්රියාවලිය
01. විවාහ දැන්වීම භාරදීම.
විවාහය සිදු කිරීමට පෙර රෙජිස්ට්රාර්වරයාට හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර්වරයාට දැන්වීම භාරදිය යුතුයි.
මෙය Form B100 (විවාහ දැන්වීම් පත්රය – පිටපත් 2ක්) පුරවා, සහතික කරගෙන භාරදෙන්න ඕන.
මේ තියෙන්නේ ඒක
Notice_of_marriage_2017-04-25.pdf (rgd.gov.lk)
සහතික කිරීමට අවසර තියෙන්නේ මෙන්න මේ අයට:
රෙජිස්ට්රාර්වරයා,
සාමදාන විනිශ්චයකරු නොතාරිස්
දේවගැති
පදිංචි තත්ත්වය අනුව කාල සීමාව
දෙදෙනාම එකම කොට්ඨාශයක දින 10ක් පදිංචිව සිටිය යුතුයි – මෙහිදී එක අයෙකු දැන්වීම භාරදෙනවා.
වෙනස් කොට්ඨාශ දෙකක නම් – දෙදෙනාම තමන්ගේ කොට්ඨාශයේ දැන්වීම භාරදීම සිදුකරනවා.
එක අයෙකු ශ්රී ලංකාවේ දින 10ක් නොසිඑියේ නම් අනිත් කෙනා දින 10ක් පදිංචිව සිටිය යුතුයි.
දෙදෙනාම ශ්රී ලංකාවේ දින 10ක් නොසිටිය යුතු නම් – එක අයෙකු දින 4ක් පදිංචිව සිටිය යුතුයි (විදේශගත යුවල්ටත් අදාළයි).
මේ සඳහා අය කරන ගාස්තුවරු. 100/- පමණ
දැන්වීම් ප්රසිද්ධ කිරීම
කලින් කිව්ව විදිහට දැන්වීම් ප්රසිද්ධ කලාම රෙජිස්ට්රාර්වරයා විසින් දැන්වීම ප්රසිද්ධ කරනවා
ඒ සම්බන්ධව යම් විරෝධයක් (objection ) තිබුණොත් කේවියට් (caveat) යොමු කළ හැකියි.
එවිට අධිකරණය විමර්ශනය කරලා තීරණය කරනවා.
විවාහ රෙජිස්ට්රාර් සහතිකය ලැබීම
දැන්වීම භාරදුන්නට පසුව අවම දින 14ක් ගත විය යුතුවනවා.
හැබැයි සමහර අවස්ථාවලදී විශේෂ බලපත්රයකින් මේක කෙටි කරගන්න පුළුවන් මේ සඳහා ගතකරන ගාස්තු රු. 100/-
මේ සහතිකය ලැබුණට පසුව විවාහය සිදු කිරීමට හැකියාව ලැබෙනවා (අවම වශයෙන් මාස 3ක් ඇතුළත).
විවාහය සිදු කිරීම
රෙජිස්ට්රාර් කාර්යාලයේ (Registrar's office) හෝ පිටත (outside office) සිදු කළ හැකියි.
සාක්ෂිකරුවන් දෙදෙනෙකු අවශ්යයි.
චාරිත්රානුකූල ආගමික ස්ථානයකදී වුවද සිදු කළ හැකියි (පන්සල්, දේවාලය, පල්ලිය ආදිය).
ගාස්තු: කාර්යාලය ඇතුළේ රු. 750/- පමණ, පිටතදී රු. 750/- + අමතර රු. 50/- ආදිය.
ලියාපදිංචි කිරීම සහ සහතිකය ලැබීම
විවාහය සිදු කළ පසු රෙජිස්ට්රාර්වරයා විසින් ලියාපදිංචි සිදු කරනවා.
ඊට පස්සේ විවාහ සහතිකය නිකුත් වෙනවා
මෙය නීතිමය ලේඛනයක් ලෙස දේපළ බෙදාගැනීම (inheritance), විශ්රාම වැටුප් (pension), දරුවන්ගේ උප්පැන්න (birth registration) ආදියට අත්යාවශය වෙනවා.
සෙව්වන්දි ගුණසේකර

