ආභරණ මනාලියගේ රූපයට විශේෂ අලංකාරයක් එක් කරන වැදගත් අංගයක්. නිවැරදිව තෝරාගත් ආභරණ මනාලියගේ සෞන්දර්යය තවත් උසස් කරමින් ඇයගේ විවාහ පෙනුම අතිශ...
ආභරණ මනාලියගේ රූපයට විශේෂ අලංකාරයක් එක් කරන වැදගත් අංගයක්.
නිවැරදිව තෝරාගත් ආභරණ මනාලියගේ සෞන්දර්යය තවත් උසස් කරමින් ඇයගේ විවාහ පෙනුම අතිශය අලංකාර කරනවා.
මාල (Necklaces)
මනාලියගේ ඇඳුමට අනුව මාල තෝරාගැනීම වැදගත් වෙනවා.
ලංකාවේ මනාලියන් සාමාන්යයෙන් රන් මාල කිහිපයක් පැළඳීම සාම්ප්රදායික ක්රමයක්.
දිග මාල සහ කෙටි මාල එකට පැළඳීමෙන් මනාලියගේ පෙනුමට රාජකීය ස්වභාවයක් ලැබෙනවා.
Modern wedding වලදී pearl හෝ stone design තිබෙන necklace ද භාවිතා කරයි.
කරාබු (Earrings)
කරාබු මනාලියගේ පෙනුමට විශාල බලපෑමක් ඇති කරනවා.
දිගු earrings, chandelier style earrings හෝ pearl design earrings මනාලියන් අතර ජනප්රියය.
කරාබු තෝරාගැනීමේදී necklace එකට ගැළපෙන design එකක් තෝරාගැනීම වඩාත් සුදුසුය.
හිස ආභරණ (Head Ornaments).
මනාලියගේ හිස අලංකාර කිරීම සඳහා tiara, hair pins, hair combs හෝ traditional head ornaments භාවිතා කරයි.
ඉන්දියානු මනාලියන් සාමාන්යයෙන් රන් head ornaments භාවිතා කරන අතර modern bridal style වල tiara හෝ crystal hair accessories බහුලව භාවිතා වේ.
වළලු සහ අත් පළඳනා (Bangles & Bracelets)
අත් අලංකාර කිරීමට වළලු සහ bracelets භාවිතා කරයි. රන් වළලු කිහිපයක් එකට පැළඳීම මනාලියගේ පෙනුමට සම්පූර්ණත්වයක් ලබාදේ.
ආභරණ තෝරාගැනීමේදී මතක තබාගත යුතු කරුණු
- ඇඳුමට ගැළපෙන colour සහ design තෝරාගන්න.
- අධික ලෙස ආභරණ පැළඳීමෙන් පෙනුම බරපතල විය හැකි නිසා සමතුලිතතාවය රඳවාගන්න.
- ආභරණ වල quality සහ comfort පිළිබඳ අවධානය යොමු කරන්න.
- hairstyle සහ makeup එකටද ආභරණ ගැළපෙන බව සැලකිලිමත් වන්න.
මෙන්න මේ කිව්ව කාරනා එක්ක ආභරණ තෝරගෙන ඔයාගේ ජිවිතේ ලස්සනම දවස හැඩකරගන්න.



