වෙඩින් එක දවසේ ඔයාගෙන් නියපොතු ටික ලස්සනට පිළිවෙලට තියාගන්න මේ ආටිකල් එක වැදගත් වේවි. ඒ දවසේ ඇයගේ සම්පූර්ණ පෙනුම ලස්සනට, සුදුසු ලෙස සකස් කරග...

වෙඩින් එක දවසේ ඔයාගෙන් නියපොතු ටික ලස්සනට පිළිවෙලට තියාගන්න මේ ආටිකල් එක වැදගත් වේවි.
ඒ දවසේ ඇයගේ සම්පූර්ණ පෙනුම ලස්සනට, සුදුසු ලෙස සකස් කරගැනීම ඉතා වැදගත්.
Dress එක, makeup එක, hairstyle එක වගේම නියපොතුත් bridal look එකේ වැදගත්ම කොටසක්.
විශේෂයෙන් wedding ring එක පැළඳෙන අවස්ථාව, photography session වල close-up shots වලදී, ඔබගේ අත් සහ නියපොතු පැහැදිලිව දිස්වන නිසා, ඒවා හොඳින් සකස් කරගැනීම අත්යවශ්යයි.
1. නියපොතු සෞඛ්යය සහ මූලික සූදානම.
නියපොතු ලස්සනට පෙනෙන්න, මුලින්ම ඒවා සෞඛ්යවත් වෙන්න ඕනේ.
Wedding එකට සති 3–4කට පෙර සිට නියපොතු care routine එකක් follow කරන එක හොඳයි.
Cuticle care – Cuticle oil භාවිතා කර cuticle soft කරගන්න.
Moisturizing – අත් සහ නියපොතු හොඳින් hydrate කරගන්න.
Nail strength – Weak nails තියෙනවා නම් strengthening treatment භාවිතා කරන්න වෙනවා.
Healthy diet – Calcium, Biotin වැනි පෝෂක ලැබෙන ආහාර (කිරි, බිත්තර, nuts) ගන්න.
2. නියපොතු හැඩය (Shape) තෝරාගැනීම.
නියපොතු හැඩය ඔබගේ අත් වල හැඩය සහ personal style එකට ගැලපෙන්න ඕනේ.
Oval / Almond – Classic, feminine look එකක්. බොහෝ මනාලියන්ට ගැලපෙනවා.
Square හැඩය – Clean, modern look එකක්
Coffin / Ballerina – Trendy bridal style එකක්
Short fingers තියෙන අයට almond shape එක අත දිගට පෙනෙන ලෙස effect එකක් ලබා දෙනවා.
එනිසා මේ තෝරා ගැනීම බොහොම හිතල කරන්න ඕන වැඩක්.
3. Bridal Nail Colours සහ Design තේරීම
Color selection එක wedding dress එක, jewelry සහ theme එකට match වෙන්න ඕනේ.
වඩාත් ජනප්රිය Nail Colours මේවා.
Nude / Baby Pink මේකෙන් Soft, elegant look එකක් එනවා.
Classic French manicure – Timeless style එකක්
White with shimmer – Bridal glow එකක්
Rose gold / Gold accents – Jewelry එකට match වෙන්න
4. Natural vs Gel vs Acrylic Nails
ඔබට තෝරාගන්න පුළුවන් main options 3ක් තියෙනවා:
✔ Natural Nails
Low maintenance
Natural look එකක්
Short nails වලට වඩාත් ගැළපෙනවා.
✔ Gel Nails
Long-lasting (2–3 weeks)
High shine finish
Wedding photos වලට perfect
✔ Acrylic Nails
Length add කරන්න පුළුවන්
Strong & durable
Design flexibility වැඩියි
5. Timing එක නිවැරදිව සකස් කිරීම
නියපොතු සකස් කරගන්න හොඳම වෙලාව wedding එකට දින 1–2කට කලින්.
ගොඩක් කලින් කරන්න එපා colours අවුල් වෙනවා.
ඒ වගේම පරක්කු වුනොත් ඔයා stress වෙනවා.
6. Mehndi (Henna) සහ Jewelry සමඟ ගැලපීම
ඔයා mehndi (henna) design එකක් දාන්න යනවා නම් nail color එක ඒකට contrast වෙන්න හෝ match වෙන්න හොඳයි.
7. Wedding Day Nail Care Tips
වෙඩින් එක දවසේ Hand cream එකක් bag එකේ තියගන්න
Nails chip වෙන්න ඉඩ තියෙනවා නම් backup polish එකක් තබාගන්න
මෙන්න මේව හොදට අනුගමනය කරන්න. මේ සදහා හොද Saloonඑකක් තෝරගන්න අමතක කරන්න එපා.
සංකල්පනී ජීත්මා



